ගැලපීමක් නැති පද



මහ රෑට හිත ඈත අනන්තේට දුවනවා
දුන් හීන එකින් එක මතකයට නැගෙනවා
සුදු මැණික නුඹ හෙටම දකින්නට සිතෙනවා
නෙත් කෙවෙනි නොදැනීම කඳුලකට තෙමෙනවා

සංසාරේ කොහෙදිහරි නැවත මුණ ගැසේවී
එදාවත් අපි දෙන්නා තනිකඩව ඉඳීවී
එපා හිත දන් දෙන්න බොරුවකට මුලාවී
එදාටත් අද වගේ ඉන්න වෙයි දුක් වෙවී

අපි දෙන්නා වෙන් කලේ මහා ලොකු සමුදුරයි
නමුත් මා හදවතින් සිටින්නේ ඔබ ලඟයි
දුර ඈත බබලන්නේ පොහෝ දා සඳවතයි
බලන් ඉමු දිහා අපිට හිමි එපමණයි

© සුදේශ් K. ප්‍රේමරත්න 

12.03.2019

Comments

Popular Posts