වැහිබර සිතුවිලි

වැහිබර සිතුවිලි 

චණ්ඩ හිරු රැස් පැවැති සමයක
හිසට සෙවනක් නොමැති හවසක
කොහෙන්දෝ සිට පැමිණි සුළඟක
එතී මා වෙත වළාවක

තිබූ දාහය නිවී ගිය සැටි
සුළඟ ගස් දලු සෙලවනා සැටි
ඈත අහසේ අකුණු ලන සැටි
දුටිමි වැහි බිඳු පතිතවන සැටි

සීතලෙන් මා ගත වෙලී යයි
නමුදු තනිකම ඉහවහා යයි
හිතේ උණුසුම නිවිනිවී යයි
කෝපි නෑ මට ඇත්තේ බීරයි

© සුදේශ් K. ප්‍රේමරත්න 

29.03.2019

Comments

Popular Posts