Skip to main content

Posts

Featured

වැහිබර සිතුවිලි

වැහිබර සිතුවිලි   චණ්ඩ හිරු රැස් පැවැති සමයක හිසට සෙවනක් නොමැති හවසක කොහෙන්දෝ සිට පැමිණි සුළඟක එතී මා වෙත ආ වළාවක තිබූ දාහය නිවී ගිය සැටි සුළඟ ගස් දලු සෙලවනා සැටි ඈත අහසේ අකුණු ලන සැටි දුටිමි වැහි බිඳු පතිතවන සැටි සීතලෙන් මා ගත වෙලී යයි නමුදු තනිකම ඉහවහා යයි හිතේ උණුසුම නිවිනිවී යයි කෝපි නෑ මට ඇත්තේ බීරයි © සුදේශ් K. ප්‍රේමරත්න   29.03.2019

Latest Posts

දඩය