ඔව්, මේක ලිව්වේ ඔයාට



තුන් තිස් පැයේ හිත තුල මහ යම යුද්ද
මල් හී සරා හට තව වෙන වැඩ නැද්ද
මලක් බඹරෙකුට පෙම් කරලම නැද්ද
මැණිකේ ඔබේ හිත තුල මට ඉඩ නැද්ද 

කෝඩු හිතට මල් හීසර වැදීයන්
මගේ තැලුනු හිත ආයෙත් හැදීයන්
දකින හීනෙකින් හරි මම පෙනීයන්
මගෙ රන්කඳ මට දවසක ලැබීයන්

හිතේ ඔබට ඇතිවන යම්කිසි සැකයක්
හිතේ තියන් ඉන්න එපා එක මොහොතක්
අහලා බලා දැන ගන්නට එක සැරයක්
අපි දෙන්නාම හමුවෙමු කොහොහරි දවසක්

උදේ ඉඳන් රෑ වෙන තුරු ඔබ සිහිවෙනවා
මගේ සිහින එකින් එකට වියැකී යනවා
අනේ නගෝ දැන් කල වයසත් පහුවෙනවා
මෙහෙම ගියෝතින් මමනම් තපසට යනවා

© සුදේශ් K. ප්‍රේමරත්න 

06.03.2019

Comments

Popular Posts