මරු කතරට දිය පොදක් ඉසින්නට.....


වියලුනු දෙතොලට හාදු ගෙනෙන්නට
කලබල හදවත සනසාලන්නට
ලිං පතුලෙන් මා මුදවාලන්නට
එන්නේ කවුදැයි තාම සිතේ මට

පාලු නිවහනේ කල් ගෙවනා කල
මකුලු දැල් වලින් හැඩ මවනා කල
නිදි යහනේ මා තනිව ගෙවන කල
කිමෙක්ද මා හට අත් වී ඇති කල

ආවේ තනිවයි යන්නේ තනිවයි 
ඒත් අපට යා යුතු දුර බෝමැයි
තනියෙන් යන්නට බෑ මට වෙහෙසයි
එන්න කවුරු හෝ හද දොර විවරයි

සුදේශ් K. ප්‍රේමරත්න 

14.02.2019

Comments

Popular Posts