ඇරයුම

"ලබන සතියේ සෙනසුරාදා මම බඳිනවා. ඔයා වෙඩින් එකට එනවා ?"
________________________________________________
ඒකපාර්ශ්වික ආදරයක ඇසෙන අමිහිරිම වදන් පෙළ එය විය යුතුය. ඇයට එය ඇගේ හොඳම "යාලුවා"ගෙන් කරන අහිංසක ඉල්ලීමක් වුවත් "යාලුවා" එය තමාගේ සිහින පෙම්වතියගෙන් එන ඉල්ලීමකි.
ඔව්. ඔබේ සිතුවිල්ල නිවැරදි එකකි. මම "යාලුවා" වෙමි.

අවුරුදු ගානකට පෙර හමුවූ ඇය ප්‍රියමනාපය. රූප රාජිණියක් නොවූවත් සිත් ළගන්නා සුලුය. නමුත් ඇගේ ගතිගුණ ඉතා උසස් . බොහෝවිට තරුණියක් දුටු විට තරුණයෙකුට සිතෙන්නේ සමඟ යහන් ගත වන්නේ කෙලෙසද කියා
"රාගයෙන් කතක දෙස බලන කවරෙකු වුවද එවෙලේම  සමඟ සිතින් රමණය කරයි" යනුවෙන් මහගම සේකරයන් 'ප්‍රබුද්ධ' හි පැවසුවේ එහෙයිනි. නමුත් කෙරෙහි මට එවැනි හැඟුමක් පහළ නොවූබව ශපථ කල හැකිය. මගේ දරුවන්ගේ මව විය යුත්තේ ඇයම බව පමණක් සිතූබව මට දැන් මතකය
මේවා හිතේ තියාගෙන අහවල් එකක් කලා දෑයි ඔබට සිතෙන බව දනිමි. නමුත් පෙම් සබඳතාවකට තවම සූදානම් නැති බව වටෙන් පිටෙන් පැවසූවිට බලෙන් ආදරය කිරීමට යාම නොහොබිනා බව තේරුම් නොගැනීමට තරම් මම අනුවණයෙක් නොවෙමි. ඉඟි කළ අයුරින් ඇයට පෙම්වතෙක් ඇති හෝ නැති බවක් තේරුම් ගත නොහැකිව මම වසර ගනනක් බලා සිටියෙමි. බොහෝවිට එය මාගේ අනුවණකම නිසා විය හැකිය. නමුත් තමාට උචිත පරිපූර්ණ පෙම්වතිය හමු වූ බව සිතුනු විට එය තේරුම් ගැනීම මහත් අපහසු කරුණකි
දින සති මාස අවුරුදු බවට හැරුනත් මට ඇයට ආදරය පළ කළ නොහැකි වූයේ මගේ රැකියාව නිසා . නිරන්තරයෙන් විදේශයන්ට යාමත් රට පුරා ගමන් කිරීමට සිදුවීමත් නිසා ඇය හමුවීමට සිදුවූයේ මාස ගණනකට වතාවකි. ඒත් ඈගේ සේවා ස්ථානයේදී . මහනුවර ප්‍රසිද්ධ ආයතනයක රැකියාවක් කල බොහෝ කාර්යබහුල කාන්තාවක වූවා . මාගේ සේවා ස්ථානය පිහිටි පේරාදෙණියේ සිට පවා ඇය හමුවීමට යාම මට ඉතා අපහසු කාරණයක් විය
කෙසේ හෝ පසුගිය වසරේ දිනක මට පෙර කී ඇරයුම කලා . එය ඇසූ මොහොතේ මගේ සිහින මාළිගය කඩා වැටී සුණුවිසුණු වී ගිය බව මට මතක . ඇගේ ඇරයුම ඉතා නිර්මල එකක් බව මට සහතික . නමුත් තවකෙකු සරණ පාවාගන්නාවිට දෙස මට බලාසිටිය නොහැකිබව තේරුම් ගැනීමට මට හැකි විය
ඉක්මනින් යමක් කිව යුතුය...
"අයියෝ... කලින් කියන්න තිබුණානේ අනේ. නිවාඩු ගන්න පුලුවන් වෙයිද දන්නෙත් නැහැ. මම එන්න බලන්නම් කෝම හරි"
ඇය මට හෝටලයේ ලිපිනය දුන්නා
ඇත්තෙන්ම මා සිකුරාදා සිට දින කිහිපයක නිවාඩුවක් අනුමත කරගෙන සිටියෙමි. නමුත් ඈගේ විවාහ උත්සවයට යෑම ඉතා අනුවණ ක්‍රියාවක් බව මට පසක් විය. විවාහ රෙජිස්ට්‍රාර් "මේ විවාහයට අකමැති කවුරුන් හෝ සිටී ?" යනුවෙන් ඇසූ කල එයට මා අකමැතිබව පවසන අයුරු මට මැවී පෙනුනි. නැත.. එය සිදුවිය යුතු නැත. මා ඇයගේ සතුටුම දිනය විනාශ නොකරන්නට ඉටා ගතිමි.. මා ඇයට එපමණකට පෙම් කරමි. අන්සතු වුවත් නැතත් මා සතු ආදරය එලෙසම පැවතිය යුතු . මට වෛර නොකල යුතුය
මා සෙනසුරාදා දින දළදා මාලිගයට ගොස් ඇයට සෙත් පතා සුදු නෙලුම් පූජා කෙළෙමි. එදා අතිනත ගත් බව මා පසුව සමාජ ජාල වලින් දුටුවෙමි. පසුගිය ඉරිදාට ඔවුන් අතිනත ගෙන වසරකි. එදිනම ඔවුන්ගේ පළමු දරුවා බිහිවීම සංවත්සර සැමරුම ඒකාලෝක කලා විය යුතුය. මා පෙර දා දරුවා බැලීමට ඇගේ නිවසට ගියෙමි. වසරකටත් වඩා පසුව ඇය මුණගැසෙනා පළමු වතාව . පෙරටත් වඩා සුන්දරව සිටියා .
"මොකද්ද කොලු පැටියාගේ නම ?" මම ඇසූයෙමි
මොහොතක් නිහඬව සිට සුසුමක් හෙලුවා ....

ඉන්පසු මගේ මැදි නම කීවා .

සුදේශ් K. ප්‍රේමරත්න 

10.02.2019

Comments

Popular Posts