උපන් වෙලාව

මා ඇය හඳුනාගත්තේ මුහුණුපොත නිසාවෙනි. නමුත් මට මුහුණට මුහුණ හමුවූයේ එයින් වසර හතරකට පමණ පසුව . මෙය ලංකාව තුල කතාවක් පමණක් නොව දුර ඈත ජපානය වෙත ඇදී යන එකකි
මෙයට වසර නවයකට පමණ පෙර ජපානයේ උපාධියක් හදාරමින් උන්නා . ලංකාවේ සිට පැය +3.30 පමණ වෙනසක් තිබුණත් එය අපට බාධකයක් නොවූ බව මට දැන් සිහි වේ. දිනවල මා නින්දට ගියේ උදෑසන 2කට පමණ බවත් එසේනම් නින්දට යන්නට ඇත්තේ උදෑසන 5.30 බවත් මට පසක් වන්නේ මේ ලිපිය ලියන මොහොතේය
අහෝ දෙවියනි. ඇය සාර්ථකව උපාධිය සම්පූර්ණ කිරීම අස්වැසිල්ලකි. එය මෙතෙක්කල් තේරුම් නොයෑම මගේ මෝඩකම මනාව පිළිබිඹු කරයි. නැත. එය මගේ වරදක් විය නොහැකිය. සියල්ලක්ම සිතා බලන මට එය මගහැරීම පුදුමයකි. සැබැවින්ම ආලය අන්ධය……

වසර පහක් අවසන ලංකාවට පැමිණියාය. ගාලු මුවදොර පිටියේ සැන්දෑ යාමයක මට ප්‍රථම වතාවට මුණගැසුනි. බැසයන හිරුගේ කිරණ වැදී රත්පැහැ ගවුමක් පැළද සිටි ඇගේ මුහුණ කාන්තිමත්ව බැබලුණි. ආදරෙන් දිළිසෙන ඇස් මවෙත යොමුව තිබුණි
"මේ අහන්න සූ.. මං දන්නවා ඔයා මට ගොඩාක් ආදරෙයි. මාත් එහෙමයි. ඒත් අම්මලා කියනවා අපි දෙන්නාගේ වෙලාව බලන්න ඕනිලු
“Everything before but is horse shit” නෙඩ් ස්ටා(ර්)ක් කිව්වේ එසේය
මට පිළිබඳව ගැටලුවක් තිබූයේ නැත. අපේ තරුවල දෝෂයක් තිබිය නොහැක
"ආහ්. උපන්දිනේ ඔයා දන්නවනේ. වෙලාව උදේ නවයයි විසිහය"
සුරැකිව එය ලියාගත්තා . "අපි ඇවිදිමු ?"
........
දින කිහිපයක් ගත විය. ඇමතුමක් ගත්තාය. පසුගිය දින කිහිපය තුල ඇමතුම් ගත්තාට ඒවායේ කීමට තරම් වැදගත් දෙයක් නැත
"මේ අහන්න සූ. තාත්තා වෙලාව බලවලා. සීයට අසූපහක් ගැලපෙනවාලු
මම බාධා කලෙමි. "ඒත්?"
ආයෙත් අර ජරා වචනේ.
"ඒත් වැදගත්ම එකක් ගැලපෙන්නේ නෑලු. කසාදේ කෙරෙන්න හොඳ නෑල්ලු"
"හරී. අවුලක් නෑ" මම හැමදේටම දෙන පිළිතුරු දුන්නෙමි.

සැබැවින්ම එය මට ගැටලුවක් නොවීය. ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක් වුව මා එය සතුටින් බාර ගතිමි. එසේ කතාව නිම විය. යටත් පිරිසෙයින් මම එසේ සිතුවෙමි
නමුත් එය එසේ වූයේ නැත.
පසුගිය දිනෙක මා ගෙදර මේසයක ලාච්චුවක් අසුරමින් සිටින විට තල්කොළයක ලියූ හඳහනක් හමුවිය
"අම්මේ මේක කාගෙද ?"
"ඔයාගේ"
ආහ්. මම එය කියවීමට පටන් ගතිමි
"....අපරභාග පෑ නවයකුත් මිනිත්තු විසිහයක් පසු වූ තැන උපන් මේ පිංවත් කුමරා" මොකක්!!!!
මට උදේ රෑ මාරුවිය.
"අම්මේ මං ඉපදුනේ උදේ ? රෑ ?"
"රෑ රෑ. අගෝස්තු දහතුන රෑ නවයයි විසිහයට"
"ආහ් හරි. අවුලක් නෑ"

මා වෙලාව හරියටම ඇයට දී තිබුණි. නමුත් පස්වරු වෙනුවට පෙරවරු බවද කීවෙමි. එනම් නැකැත්කරු වෙලාව බලා ඇත්තේ වෙන කාගේ හෝ . මගේ වෙලාවම බැලුවේනම් මා මේ වනවිට විවාහ වී සිටිනවා විය යුතුය. පරණ පෙම්වතා (මට පෙර) විවාහ කරගත් ඇය මගේ ප්‍රිය බිරිඳ වෙන්නට ඉඩ තිබුණේ . මා දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන්නට තිබුණේ .

ඇත්තටම මගේ වෙලාව හොඳ . මා එකල විවාහයකට සුදුසු තත්ත්වයක සිටියේ නැත
මගේ පාඨකයන්ට කීමට කරුණක් ඇත. මගේ කාරණයේ දී එය යහතින් බේරුණු බව සැබෑය. නමුත් ඔබට එසේ නොවිය හැක. එහෙයින් පැය විසිහතර වෙලාවෙන් වැඩ කිරීමට හුරුවන්න. ස්තූතියි!!

සුදේශ් K. ප්‍රේමරත්න 
02.02.2019

Comments

Popular Posts