නිර්මල පෙම්වතුන්ට පුදමි



"ආදරය යනු බදාගැනීම් හා සිප වැළඳගැනීම් පමණක් නොව 
බෙදා හදා ගැනීම හා රැකබලා ගැනීමයි" කීවේ ඔබයි..... 
කියූ දෙතොලෙන්ම දුර ඈත සිටින මගේ හාදු නොලැබෙන කල්හි වෙනකෙක් සිප ගත්තේද ඔබයි..... 
මා අසලකවත් නැති කල්හි නිදි යහන බෙදා හදා ගත්තේද ඔබයි..... 
මා රැකගත් ඔබට තවෙකෙක් හෙමි හෙමින් ඔබයි..... 

සොදුරිය......
කම් නැත...
ප්‍රේමය නම් අතින් මේ යැයි ස්පර්ශ කල නොහැක්කකි
ඇසින් මේ යැයි දැකිය නොහැක්කකි 
මේ සුවඳ යැයි කිව නොහැක්කකි 
මේ මගේ පෙම, කාලා බලන්න" යැයි කිව නොහැක්කකි 
ඉතින්
පහන් දැල්ලට පෙම් බැදි පළගැටියෙක් මෙන් මම දැවී නොයන්නෙමි 
පුරාවත් වල මෙන් පළි නොගන්නෙමි
නවදැලි හේනක දැවී ගිය වැදිරියකට ඔබ සම නොකරන්නෙමි 
මගේ අචල ප්‍රේමය පසෙකින් තබා මම බඹසර රකින්නෙමි

සුදේශ් K. ප්‍රේමරත්න 

07.10.2018

Comments

Popular Posts