ආදරණීය වැස්ස!

ආදරණීය වැස්ස
උඹ වගේ හැඟුම් අවදිකරවන සොබාදහමේ කිසිත් නැති තරම්
සැටලයිට් ටීවී එකේ ඉරි යද්දිම මම දන්නවා උඹ එන්න අර අඳින බව
අව්ව පොදක්වත් නැතුව දාඩිය දානකොට මම දන්නවා උඹ ටක්කෙටම එන විත්තිය
අම්මා "රෙදි ටික ගෙට ගනින් බූරුවෝ" කියනකොටම මම දන්නවා තව විනාඩියෙන් උඹ එන වග....
උඹ ආවේ තනියෙන් නෙවෙයි 
අකුණු පාරවල් ගොඩක් එක්ක...
කමක් නෑ....
අකුණු සැරත් එක්ක උඹේ චිරි චිරි සද්දේ ඇහෙද්දි කනට හරිම මිහිරියි.....
ගෙදර කරන්ට් එකත් ගියා...
අම්මයි මායි ඉස්සර දවස්වල වගේ පුංචි කුප්පි ලාම්පුවක් පත්තු කරන් කතා කරන ගමන් ඉන්නේ...
අද එළිවෙනකම් වැහැපන්
මට කමක් නෑ....
ඒත් මම ආපහු ගියාට පස්සේ රෑට ආයෙත් සැරට වහින්න එපා.
මගේ අම්මා ගෙදර තනියෙන් හින්දා....

සුදේශ් K. ප්‍රේමරත්න 

23.09.2018

Comments

Popular Posts