මේ ලෝකය හරිම අසාධාරණයි....

මං හැමදාමත් හීන මැව්වේ ගමේ තියෙන මගේ පුංචි ගෙදර 
ඔයයි... මමයි... අපේ පුංචි පැටවු ටිකයි...
අපේ අම්මලා තාත්තලා එක්කයි එකට ඉන්න....
ඔයා හීන මැව්වේ කොළඹ ගෙයක් අරන් 
එක ළමයෙක් හදන් ගෙවල් වලින් ඈත් වෙලා ඉන්න...
මම හීන මැව්වේ අපේ ළමයි ඇළ දොල වල පීනලා ගමේ ළමයි එක්ක සෙල්ලම් කරනවට...
ඒත් ඔයා හීන මැව්වේ පොඩි කාලේ ඉදන් පොඩ්ඩා පාඩමේ තියන්න....
ඔයාට ඕන උනේ එයාව ලොකු මිනිහෙක් කරන්න...
මට ඕන උනේ එයාලව හොඳ මිනිස්සු කරන්න...

ඔය මූණේ ලස්සන ඔයාගේ සිතුවිලි වලත් තිබුණනම්.....
මගේ සිතුවිලි වල ලස්සන මගේ මූණේ තිබුණා නම්....
මේ ලෝකය හරිම අසාධාරණයි...

සුදේශ් K. ප්‍රේමරත්න 
2018.01.06


.ලි. මම මේක ලිව්වේ ඇයිදැයි දැන් මට මතක නැත

Comments

Popular Posts