නිදි නැති රැයක්

චිරි චිරි හඩින් ඇද හැලෙන පොද වැස්සත්
පරිසරයේ ඇති සීතලත්
පොරෝණයේ ඇති උණුසුමත්
යොමුකලා නිවැසියන් නින්දකට සැපවත්

මං හැර

හිතේ ඇති දහසක් සිතිවිලි 
එකිනෙක නැගී වැටී බිදී පෙරලී යයි
එහෙත් එකම එක සිතිවිල්ලක් 
සියල්ලටම උඩින් මට ඔච්චම් කරයි
" දවල් තිස්සේ නිදාගෙන ඉදලා දැන් විකාර කල්පනා කරන්න එපා මනුස්සයෝ !!! "
නිදි දෙව්දුව ඔබ කොහිද ?

සුදේශ් K. ප්‍රේමරත්න 

2017.11.29

Comments

Popular Posts