මංගල තර්ජන

අනේ කොහොමද යවන්නේ උඹ
නගරේ මහ ලොකු තක්සලාවට 
එකම දියණිය නුඹයි අප හට
තාම නුඹ නම් ළදරුවෙක් මට

දියණි මේ ලෙස සැපට හැදුනා
රුවෙන් ගුණයෙන් හොඳට පිරුනා
කල වයස ඇගේ හරියි සිතුනා
අම්මා මේ ලෙස දුවට කියනා

දුවේ නුඹ දැන් හරි ලොකුයි
දීගේ යන්නට කල හොඳයි
හිතේ කවුරුත් නැති හැඩයි
හොයන්නටදෝ මව අසයි

අම්මේ මං හරි අසරණයි
කෝම ඉන්නද මට බයයි
ගෙයින් පිට මට තහංචියි
කිව්වේ පෙර දා ඔබ තමයි 

සුදේශ් K. ප්‍රේමරත්න 

16.01.2019

Comments

Popular Posts