ප්‍රියාවිය....

අහම්බයකින් හමු වූ ඔබ 
පතා ආවාදැයි හිතෙන තරමටම
මිතුදමත් ප්‍රේමයත් දෙපස දෝලනය වන
මගේ අහිංසක සිතුවිලි..

ප්‍රේමයේදී මිතුදමත්
මිතුදමේ දී ප්‍රේමයත් 
එකිනෙක ගැලී වෙලී ම
අහඹුවක් නොව නියතයකි. 

ප.ලි.
මම මිතුදමට වඩා ප්‍රේමයට ප්‍රේම කරමි...
නමුත් ඔබ  ප්‍රේම කරන්නේ මිතුදමට ය....


සුදේශ් K. ප්‍රේමරත්න

Comments

Popular Posts