කාන්තාර කුසුම

වියලී සිදී ගිය බිම් කඩක
වැහි පොදක් මසකින් නොලැබි මොහොතක 
අප්‍රිකානු  හිරුගේ චන්ඩ රැස් පහසක
ඔබ පිපී ඇත අලුත් දවසක

මහ වනේ ඇති වන මලකට වඩා
ගෙඋයනේ ඇති මලකට වඩා
රෝස මල් දහකට වඩා
ඔබ වටියි හැමටම වඩා

කොතෙක් කරදර හිතට ආවද
කොතෙක් හිරිහැර ගතට ලැබුනද
ඉන්ද්‍රඛීලයක් සේ පිපුණු අද

මගේ 'කාන්තාර කුසුම' කොයිබද

Comments

  1. වියලි කතරට
    නැවුම් කුසුමක සුවඳ
    අහිමි නොවනු වස්
    කෙසේ රකිමුව
    පිපුණු කුසුමක්

    කිසි තෙතක් නැති
    සියුම් දුහුවිලි
    නාස් පුඬු තුළ
    පවුරු බැඳි කල

    ReplyDelete

Post a Comment